ම්ලේච්ඡ ත්‍රස්තවාදින් පරදමු.....බිඳුනු සිත් ගිණි නොතබමු

මැයි 04, 2019

    පසුගිය පාස්කු ඉරිදා අපට කිසිදාකවත් අමතක නොවන එසේම බලාපොරොත්තු නොවූ සිදුවීමක් අත්විඳීමට සිදු විය.

    එම ප්‍රහාරයේ ප්‍රධානම ඉකක්කය වී තිබූයේ කතෝලික ප්‍රජාවයි. ප්‍රහාරය සිදු වූ මොහොතේ සිට ගරු මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා, අනෙකුත් කතෝලික පූජකවරුන් මෙන්ම කතෝලික භක්තිකයන්ද ඇතුළ ශ්‍රී ලාංකිකයින් ක්‍රියා කළ අන්දම ඉතා ප්‍රශංසනීය යැයි කටපුරා කිව හැකිය. මන්ද "ම්ලේච්ඡත්වය" ත්‍රස්තවාදින්ගේ බලාපොරොත්තු වුවත් අප පිළිතුරු දුන්නේ ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරයකටයි. සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව අපහසුවට පත් කරන අන්දමේ කිසිදු සිද්ධියක් හෝ ප්‍රකාශයක් සමස්ත ජනතාවගෙන් ඉදිරිපත් නොවිණි. ජනතාව මේ ගැටුම්කාරී අවස්ථාව මනාව කළමනාකරණය කරමින්, ආගමික ගැටුමක් වැලැක්වීම වෙනුවෙන් අතිශය බුද්ධිමත් ලෙස පෙනී සිටිනු අප දුටුවේ, කතෝලිකයන් දෙසිය ගණනකගේ ජීවිත ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාර මාලාවක් මගින් අහිමි කර තිබූ උණසුම් වාතාවරණයක් තුළය.

    එම අතිශය තීරණාත්මක, වේදනාත්මක කාලය අපි දැන් පසු කර ඇත්තෙමු. එම අවස්ථාවේ කුපිත නොවූ ජනතාව දැනුදු එසේ නොවනු ඇත. එම තත්වය තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා අප ඉදිරියටත් කටයුතු කළ යුතුය.

    නමුත් ගලකින් ගසා දේපළක් හානි කරනවාට වඩා වැඩි හානියක් මූණු පොත (Facebook) හරහා සිදු කළ හැකිය. මේ සන්නිවේදන යුගයේ අති ප්‍රභල මෙවලමක් ලෙස සෑම සමාජ මාධ්‍යයක්ම කටයුතු කරයි. එය මුදලටත්, අන්තවාදි දේශපාලන සිතුවිල්ලට, ජාති සහ ආගම් සිතුවිල්ලටත් භාවිත වන ප්‍රබල අවියක් විය හැක. සිතුවිල්ල මෙන්ම භාවිත කරන භාෂාවෙන් සහ අන්තර්ගතය තුළින් ලේ වැගිරීමක් වළක්වා ගැනීම අප සැමගේම වගකීමකි. මේ ව්‍යායාමය ජය ගන්නට ජනපති සහ අගමැති ප්‍රමුඛ රජයේ සෑම අයෙකුම දිවා රාත්‍රි නොබලා උත්සහ දැරීය. ඒ අතර සමාජ මාධ්‍ය තුළ වඩාත් ආකාර්ෂණියව ප්‍රචාරය වුයේ කුමක්ද ? ඔබත් පසුගිය සමයේ සමාජ මාධ්‍යයේ සැරිසරත්දී මෙය දුටුවේද? බොහෝ පිරිස් මළ මිනි ගනණ විමසමින් සිටියදී සමාජය සුවපත් කිරිමට පැමිණි පාඨය කුමක්ද?

    PIC 01

    "ඔබ ගහන ලේබලය ලේ විලක් බවට පත්විය හැක. නිවැරදි ලේබලය පරිහරණය කරන්න" සෑම රෝගයකට බෙහෙතක් ඇති ලෙසම සෑම ප්‍රශ්නයකට විසඳුමක් තිබේ.

    ඒ පදනමේ සිට මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය මගින් සන්නිවේදනය කරනු ලබන මෙම ඉතා වැදගත් පණිවුඩය ඉතා වේගයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

    ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයෙන් කම්පනයට හා තිගැස්මට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාවගෙන් පටු දේශපාලන අරමුණු ඉටු කර නොගන්නා ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීම මහතා සියලු දේශපාලන සංවිධානවලින් ඉල්ලා සිටියි.

    අන්තවාදී කුඩා කල්ලියක් විසින් සිදු කරන ලද මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම සියලු මුස්ලිම්වරුන් වෙත පටවමින් ඔවුන්ට ත්‍රස්ත ලේබලය නොගසන්න යැයි ඔහු ඉල්ලා සිටියි.

    PIC 02


    උගත් බුද්ධිමත් ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවක් බවට ඔප්පු කරමින් අපගේ සියලු ධර්මයන් තුළ උගන්වන මානව දයාව ප්‍රායෝගිකව පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගන්න යැයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.

    මෙම කුරිරු ප්‍රහාරය පිළිබඳ ආරක්ෂක අංශ මේ වන විටත් රට පුරා දැවැන්ත පරීක්ෂණ මාලාවක් ආරම්භ කරමින් ත්‍රස්තවාදීන් අවසන් කර දැමීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටී.

    පසුගිය 2009 වකවානුවේදී මෙන් මේ අවස්ථාවේදීද අපි බුද්ධිමත්ව කටයුතු කරමින් ත්‍රස්තවාදීන් බලාපොරොත්තු වන ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් පැන නගින ම්ලේච්ඡත්වයට ඉඩ නොතබමු.

    PIC 03

    SOCIO නිර්මාණයක් ; හරීන්ද්‍රන් ක්‍රිෂ්ණසාමි සහ ඇන්ජලෝ ජයසිංහගේ නිර්මාණයක්.

     

    මේ නිර්මාණ පිළිබඳ මූණු පොතේ පාඨයකන්ගේ අදහස් කිහිපයක්

    1 Upul Nandana: උණ්ඩයට වඩා පෑන බලවත්, දැන් තියෙන්නේ keyboard සහ බෝම්බ. තනි පුද්ගල ඝාතන නෙමේ, සමූල ඝාතන. ඒ නිසා බෝම්බයට වඩා අකුරු කෙටීම (comments) බලවත්. කාලෝචිතයි. නියමයි.!!

    2 සර්පතෙල් වෙළෙන්දා: True. There are plenty of fake FB posts to agitate the mass. 90% posts are utter lies and manipulated information. Unfortunately majority of people dont have the ability to analyse and recognise the truth.

    3 Azad Ariff: අත්බෝම්බයක් නෙමේ න්‍යෂ්ටික බෝම්බයක රූපයකුයි දාන්න තිබ්බේ. මොකද රටක්ම විනාස වෙන නිසා

     002

    Last modified on සෙනසුරාදා, 04 මැයි 2019 20:03

    Latest News