කම්මැලි කොල්ලෝ

මාර් 23, 2023

    උතුරු පැසිෆික් සාගරයේ ඔර්කාස් තල්මසුන් පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඔර්කාස් මවුවරුන් තම පුතුන් වෙනුවෙන් "ජීවිත කාලය පුරාම කැපකිරීමක්" කරන බවයි.


    ඔර්කාස් මවු වරු විසින් පිරිමි තල්මස් පැටවකු පෝෂණය කිරීමට යොදන ශක්තිය ඔවුන්ගේ සෞඛ්‍යයට බාධාවක් වන අතර, ඔවුන්ට ප්‍රජනනය කිරීමට සහ අනෙකුත් පැටවුන් ඇති දැඩි කිරීමට ඇති හැකියාව අඩු වේ.

    කොටින්ම කියතොත් තල්මස් පුතෙකු ඇති දැඩි කිරීම අනාගතයේදී ගැහැණු තල්මසුන්ගේ ප්‍රජනන අවස්ථාව සැලකිය යුතු ලෙස අඩු කරයි.

    ඔර්කාස් තල් මසුන් සිය ජීවිත කාලය පුරාම ඔවුන්ගේ පවුල් සමඟ සමීපව බැඳී සිටිති. නමුත් තරුණ ගැහැණු තල් මසුන් වැඩිහිටි වියේදී ස්වාධීන වන අතර, පිරිමි තල්මස් පැටවුන් තම මව්වරුන් මත රඳා පවතිනවා පමණක් නොව සිය මව විසින් අල්ලා ගන්නා ආහාරයෙන් කොටසක් පවා ඉල්ලා සිටිති.

    තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය (සීඩබ්ලිව්ආර්) විසින් වසර 40 කට වැඩි කාලයක් දක්ෂිණ පදිංචිකරුවන් ලෙස හඳුන්වන මිනීමරු තල්මසුන්ගේ ජනගහණයේ ජීවන චක්‍රය අධ්‍යයනය කර ඇත.

    Latest News