'හැම් බැක්' ගමන් ගන්නා නව මාර්ගයක්

සැප් 18, 2020

    ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි බලපෑමෙන් විනාශයට පත් එරට නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ට තල්මසුන් දැක ගැනීමේ නව අවස්ථාවක් උදාවී තිබේ.

    ඒ සඳහා ඉමහත් පිටිවහළක් වී ඇත්තේ, සංක්‍රමණික 'හම්ප් බැක්' තල්මසුන් ගමන් ගන්නා නව මුහුදු මාර්ගයක් එම වෙරළාසන්නයේ නිර්මාණය වී තිබීමයි.

    ඔස්ට්‍රේලියා රජය කොරෝනා වසංගතය හේතුවෙන් වසර ආරම්භයේ සිට එරට ජනතාවට ජාත්‍යන්තර සංචාර තහනම් කර තිබිණ. රටතුළ ක්‍රියාත්මක කෙරුණු සංචරණ නීති හේතුවෙන් කොටුවී සිටි සංචාරකයින්ට තල්මසුන් දැක ගැනීමට හැකි නව ප්‍රවෘත්තිය සතුටුදායක ආරංචියක් වී තිබේ.

    තල්මසුන් සැප්තැම්බර් මාසයේ සිට උණුසුම් උතුරු මුහුදේ සිට සීත ඇන්ටාක්ටිකාව වෙත ගමන් කිරීමට මෙම මුහුදු මාර්ගය භාවිත කරන බවයි, වාර්තා වන්නේ. මෙය තල්මසුන්ගේ අධිවේගී ගමන් මාර්ගයක් බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    Latest News