කවුඩාගලින් මතුවූ නිධන් වස්තු (වීඩියෝ)

නොවැ 12, 2022
  • ධාතුන් වහන්සේ වැඩ සිටිතැයි සැලකෙන රන් මංජුසාවක් පුරාවිද්‍යා කැනිමකදී හමුවී තිබෙනවා. ඒ පොළොන්නරුව, වැලිකන්ද, කුරුඳුබැද්ද ගම්මානයේ පිහිටි ඓතිහාසික කවුඩාගල ආරන්‍ය සේනාසන භුමියේ සිදු කළ කැණිමකදී.

    කවුඩාගල ආරන්‍ය සේනාසන භූමියේ දින 75 පුරා සිදු කළ කැණිමකදී ගල් මංජුසා හතරක් හමුවී තිබෙනවා. ඉන් ගල් මංජුසා තුනක් නිදන් හොරුන් විසින් විනාශ කර තිබු අතර විවෘත නොකළ ගල් මංජුසාවක් හමුවු බවයි පුරා විද්‍යා නිලධාරින් සඳහන් කළේ.

    එය කවුඩාගල සිට පොළොන්නරුව පුරා විද්‍යා කාර්යලයට ගෙනවිත් පරික්ෂණ ආරම්භ කරනු ලැබුවා. එහිදී රන් මංජුසාවක් සොයා ගැනීමට හැකි වූ බව පුරා විද්‍යා නිලධාරින් සඳහන් කළා.

    Latest News