බදුල්ල නගරයේ 100 පැන්න 03ක් (ඡායාරූප)

මාර් 18, 2019

    දීර්ඝායු ලැබූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තිදෙනෙක් බදුල්ල නගර සීමාවේ ජීවත්වන බව බදුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කරන ලද සමීක්ෂනයකදි අනාවරණය වී තිබේ .

    මේ තිදෙනාම වයස අවුරුදු 100 ඉක්මවුවන් බවයි වාර්තා වන්නේ. 

    බදුල්ල ප්‍රාදේශීය ලේකම් ඥානාරත්න මහත්මිය බදුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් කීපදෙනෙක් සමග ඔවුන් වෙසෙන නිවාස සොයාගෙන ගොස් තෑගි පිරිනමා උත්තමාචාර පිළිගන්වා සතුට පළ කළේය.

    බදුල්ල කනුපැල්ල ජීවත්වන විශ්‍රාමික විදුහල්පති වරයෙක් වන අතාවුද වාසල මුදියන්සේලාගේ හීන්බණ්ඩාර මහතා මින් එක් අයෙකු වේ. ඔහුගේ සිය වෙනි උපන් දිනය ඊයේට (17) යෙදි තිබිණි. බදුල්ල ජලනල මාවතේ ජීවත්වන එච්.එම්.පුංචිරාල මහතා වයස අවුරුදු 101ක් වේ. බදුල්ල නඩුකාර කන්ද ජීවත් වන ටී. ජේ. රත්නවතී මහත්මියගේ වයස අවුරුදු 100 කි. බදුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.පී.ඒ.ජී.අනුරුද්ධ මහතා ඇතුලු නිලධාරින් පිරිසක්ද මේ සත්කාර චාරිකාවට සහභාගි වූහ.

    eldersperson1 px 900 19 03

    eldersperson2 px 900 19 03

     

     

    Latest News