වෙළඳ යුද්ධවේ ප්‍රතිඵල ලෙස චීන අපනයන පහතට

දෙසැ 09, 2019

    චීන - අමෙරිකා වෙළෙඳ යුද්ධය හමුවේ චීන අපනයනය තවදුරටත් පහත වැටී තිබේ.

    එය 1.4%කින් පහත වැටී ඇත්තේ, අඛණ්ඩව සිව් වැනි මසටයි. ඉකුත් නොවැම්බර් මාසයේ දී චීන අපනයන 1.1%කින් පහත වැටී ඇති අතර, ඔක්තෝබර් මාසයේ දී එය 093%ක් ලෙස සටහන් විය. අමෙරිකාවත් සමග පවතින වෙළෙඳ යුද්ධය උග්‍ර අතට හැරෙමින් තිබෙන අවස්ථාවක මෙලෙස චීන අපනයන තවදුරටත් පහත වැටීම කැපී පෙනෙයි. 

    එසේම, චීන අපනයන අඩුවීමෙන් ගෝලීය ඉල්ලුම ද අඩුවී ඇති බව පෙනී යයි. ධවල මන්දිරයේ ආර්ථික උපදේශක ලැරී කුඩ්ලොව් සඳහන් කර ඇත්තේ, එළැඹෙන දෙසැම්බර් 15 සිට අමෙරිකානු ඩොලර් බිලියන 156ක නව තීරු බදු චීන භාණ්ඩ වෙත පැනවීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් චීන අමෙරිකා වෙළෙඳ නියෝජිතයන් අතර පැවති සාකච්ජා ද අසාර්ථික වූ පසු බිමක තවදුරටත් වෙළෙඳ යුද්ධය තීව්‍රරවන බව පෙනී යයි.

     

     

    Last modified on සදුදා, 09 දෙසැම්බර් 2019 10:31

    Latest News