මුදලට වැදූ දරුවා හැදීමට නියෝගයක්

පෙබ 07, 2019

    මුදලට පිටස්තරයෙකුගේ දරුවෙක් වැදීමෙන් පසු එම දරුවා හදාවඩා ගැනීමට නියෝගයක් ලැබුණු සිදුවීමක් කාම්බෝජියාවෙන් වාර්තාවේ.

    2017 ජූනි මාසයේ ගැබිනි මව්වරු 33ක් අත්අඩංගුවට ගැනීමක් කාම්බෝජයේ අගනුවර වන ෆිනොම් පෙන්හ් හිදී සිදුවුයේය. ඔවුන් 33දෙනාම විදේශික ගැනුම්කරුවන්ගේ ප්‍රතිනිහිත මව්වරුන්වේ (ආදේශක මව්වරුන්). එනම් වෙනත් අයෙකු වෙනුවෙන් දරු ගැබක් දරා සිටීමයි.

    Cambodia3

    එම වරදට හිමි අවුරුදු 20ක සිර දඬුවමින් ඔවුන් නිදහස් කොට ඇත්තේ එම දරුවන් ඔවුන් විසින්ම හදාගතයුතු යැයි වන කොන්දේසිය මතයි.

    "තිඩා" මේ සිද්ධියට මුහුණු දුන් ඉන් එක් කාන්තාවකි. අවු 20ට මදක් වැඩි වයසේ දී අගනුවරට එපිටින් වූ ගමක අලුත්වැඩියා කරන්නෙකු හා විවාහ වූ තිඩාට හා ඇගේ සැමියාට දරුවෙක් පිළිබඳ සිතීමටවත් නොහැකි තරමින් ඉතා දිළිඳු තත්වයක ජීවිතයක් උරුමකම් කියයි.

    එබැවින් විදේශික පවුලක දරුවෙක් මෙලොව එළිය බැලීමට සැලැස්වීමෙන් ලැබෙන ඩොලර් 10,000කින් ඇයට තමන්ගේම කියා පවුලක් ගොඩනැගීමේ හැකිවෙතැයි ඇය විශ්වාස කළාය. ඒ අනුව එවැනි දරුවන් ලබාගැනීමට සහය වන ඒජන්සියක් ඇගේ ගමට පැමිණි විට ඒ සඳහා ඇය ඉදිරිපත් විය.

    ඇය පවසන්නේ "මෙය නීති විරෝධී යැයි දන්නේ නම් කිසිවිටෙකත් මා ඒ සඳහා යොමු වන්නේ නැහැ" යන්නයි.

    නමුත් අවුරුද්දකට පමණ පෙර සිට මුදලට එවැනි දරුවන් බිහිකිරීම කාම්බෝජියාව තුළ තහනම්ව ඇති අතර මෑතකදී එය වඩාත් බලාත්මක කර ඇත.

    Cambodia1

    2017 අගභාගයේදී චීන පවුකට අයත් සංශේෂිත කලළයක් තිඩාගේ කුස තුළ තැන්පත් කළ අතර ඇය හා තවත් එවැනිම වූ මව්වරුන් 32දෙනෙකු සමග ෆිනොම් පෙන් අගනුවර නිවසක රඳවනු ලැබිණි. එක කාමරයක 5දෙනා බැගින් රඳවනු ලැබූ එහි ඇවිදීමටවත් ඉඩ පහසුකම් නොතිබී ඇති අතර එළියට යෑමටද අවස්ථාව හිමි වී නැත. ඉන්පසු ඔක්තෝබර් මස තිඩා ඇගේ කුස තුළ සිටින විදේශික දරුවා බිහිකළේය.

    ඇය පවසන්නේ "ඔහු මගේ පළමු දරුවා. මම ඔහුට ගොඩක් ආදරෙයි. මට කණගාටු ඔහු මෙලොව එළිය දුටු මොහොතේ සිට පොලිස් බාරයේ පසුවීමයි."

    දරුවා බිහිකිරීමෙන් දින තුනකට පසු චීන දෙමාපියන් පැමිණියත් හොර රහසේ හෝ දරුවා දැක ගන්නට ලැබෙන්නේ සැබෑ පියාට පමණි. දරුවා බැලීමට හැකිවූ විනාඩි 20 තුළ ඔහු හඬ වැලපුනු විදිහට මට දරාගත නොහැකි වුනා යැයි තිඩා පවසයි.

    පසුගිය දෙසැම්බරයේ තිඩාට සහ ඇගේ දරුවාට නිවස කරා යාමට අවසර ලැබිණි. ඒ අවස්ථාවේ තිඩාට සහ අනෙක් මව්වරුන්ට ලැබු නියෝගය වන්නේ දරුවාට වයස 18වන තෙක් ඔවුන් විසින්ම දරුවන් හදාවඩා ගත යුතු බවයි. ඒ සම්බන්ධව නිරන්තර අවධානයෙන් පසු වන බවද එසේ නොකළ හොත් අවු 20ක සිර දඬුවමකට යටත් කරන බවද ඔවුන්ට වැඩිදුරටත් දන්වා ඇත.

    තිඩා පවසන්නේ "ඔහු මට ලේ නෑකමක් නොතිබුනත් මට ඔහු වෙන අයෙකුට දීමට දැන් ඉතා අපහසුයි."

    දරුවා චීන දෙමාපියන්ට ලබා නොදුන් හෙයින් ඇයට ලැබීමට තිබුනු ඩොලර් 10,000 නොලැබුනි. ඇගේ සැමියා මසකට උපයන ඩොලර් 250ක පමණ මුදලින් දරුවා හදා ගැනීමේ දැඩි ආර්ථික අපහසුතාවකට දැන් ඇය මුහුණ දී සිටියි.

    වාසනාවකට ඇගේ සැමියා හා නැන්දම්මාද මේ දරුවාට ඉතා ආදරයෙන් සලකන බවයි ඇය පවසන්සනේ. "නිතරම මගේ සැමියා වැඩ ඇරී ගෙදර ආ විගස බබා සමඟ සෙල්ලම් කරනවා"

    Last modified on බ්‍රහස්පතින්දා, 07 පෙබරවාරි 2019 17:10

    Latest News