අන්තර්ජාතික නාට්‍ය උළෙලට ගුවන් ටිකට්පත්

පෙබ 12, 2019

    20 වැනි නවදිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළ සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන නාට්‍ය කණ්ඩායමට ගුවන් ටිකට්පත් සඳහා අනුග‍්‍රහය ලබාදීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    බුද්ධික දමයන්ත මහතා විසින් 2015 වසරේ දී අධ්‍යක්ෂණය කරන ලද, දෙපාර්තමේන්තුව, නාට්‍යය මෙවර 20 වැනි නව දිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළ සඳහා තේරී ඇති අතර 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් අද නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය.

    මේ අතර අංගොඩ, කුඩා බුත්ගමුව ශ‍්‍රී පියදස්සි විහාරස්ථානයේ දෙමහල් සංඝාවාසයේ ඉදිකිරීම් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ද අද දහවල් ජනාධිපතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. විහාරාධිපති පූජ්‍ය වෑකුඹුරේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ වෙත ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා විසින් පිළිගැන්වීය.

    එමෙන්ම වැලිවේරිය, කි‍්‍රස්තුරාජ විද්‍යාලයේ පිවිසුම් මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් ද ජනාධිපතිතුමා අතින් පිරිනැමුණු අතර විදුහල්පති චමින්ද ජයලත් පියතුමා වෙත ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා විසින් පිළිගන්වන ලදී.

    Last modified on අඟහරුවාදා, 12 පෙබරවාරි 2019 19:57

    Latest News