චීන වසන්ත උත්සවයේ අසිරිමත් ප්‍රාසාංගික අද්දැකීම

ජන 25, 2020

    චීන ලිත් ක්‍රමයට අනුව, ජනවාරී 24 වැනි දින 2020 නව අවුරුදු උදාවට පෙර දිනයි.

    5ජී, ඩ්‍රෝන යානා ආදී නව තාක්ෂණික හා මෙවලම් භාවිත කර නිර්මාණය කෙරුණු 2020 වසරේ සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවයේ ප්‍රාසාංගික සංදර්ශනය එදින රාත්‍රීයේ විකාශය කෙරිණ.

    එමගින් ලෝකයේ වෙසෙන චීන වසන්තයට ආශිර්වාද කරන ආදරය කරන්නන්ට නවීන තාක්ෂණය මුසුවූ සංස්කෘතික අද්දැකීමක් වින්දනයට අවස්ථාව උදා වුණා.

    china 5 900px 20 01 25

    china 5 900px 20 01 25

    මිනිත්තු 260 ක පමණ කාලයක් පැවති මෙම ප්‍රාසාංගික අද්දැකීම චීන මාධ්‍ය සමූහයේ නිෂ්පාදනයක්.

    නැටුම්, ගැයුම්, මැජික් සංදර්ශන, නාට්‍ය ආදී විශේෂාංග මීට ඇතුළත් වුණා.

    මේ දිනවල චීනය මුහුණ දෙන නව වර්ගයේ කොරෝනා වෛරසය නිවාරණය කිරීමේ තේමාවෙන් යුතු නවතම විශේෂාංගය ප්‍රසංගය තවතවත් වර්ණවත් කළා.

    china8 900px 20 01 25

     

    china8 900px 20 01 25

    මේ අතර, චීන මාධ්‍ය සමූහය 2020 වසන්ත උත්සවයේ ප්‍රාසාංගික සංදර්ශනය නමින් සිනමා නිර්මාණයක් එළිදැක්වීමට සැළසුම් කර තිබෙනවා.

    අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ජපානය, රුසියාව, බ්‍රසීලය, ලාඕසය, ඇතුළු රටවල් හා ප්‍රදේශ 170 ක මාධ්‍ය ආයතන 500 ක පමණ මෙම අද්දැකීම් විසුරුවා හැරීමට ද නියමිතයි.

    china2 900px 20 01 25

     

    china6 900px 20 01 25

     

    china2 900px 20 01 25

    Latest News