පර්පචුවල් ට්රෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන අලෝසියස් මහතාට සතියේ සෑම සතියකම ඉරු දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පනවා ඇති ඇප කොන්දේසිය ලිහිල් කරන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.

සජින් වාස් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිටියදි නීති විරෝධීව රුපියල් කෝටි තිහකට අධික මුදලක් අත්පත් කර ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇප මත මුදාහැර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි දන්වා නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති පැමිණිල්ල අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගැනිණ.

රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී බවට තීන්දු කරන මෙන් ඉල්ලා දැනට ඇප මත මුදාහැර සිටින කුරුණෑගල රජයේ රෝහලේ වෛද්‍ය සාෆි සිහාබ්දීන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 27 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ඉස්ලාම් ධර්මය හා කුරානයට අපහාස කලේ යෑය් චෝදනා කරමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබඩ අත්තේ ඥනසාර හිමියන්ට විරුද්ධව පවරා ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන ලෙස දන්වා නීතිපතිවරයා වෙත නැවත සිහි කැඳවීමක් යැවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය සැප්තැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

කල් දමා තිබෙන පළාත් සභා ඡන්ද විමසීම වහා පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් අගෝස්තු මස 27 වනදා විභාගය සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පවතින විදේශවල සිට ආනයනය කළ කැලිකසල අඩංගු බව සඳහන් බහලුම් දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවලට රැගෙන යාම වළක්වමින් අභියාචනාධිකරණය තහනම් නියෝග නිකුත් කර තිබේ.

පරිගණක දත්ත සොරකම් කළේ යැයි චෝදනා එල්ල වී සිටින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 03 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. 

Latest News