චේතනාන්විතව රාජකාරි පැහැර හැරිමට සාක්ෂි නැහැ.... ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න

සැප් 19, 2019

    බුද්ධි තොරතුරු තිබියදී පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරී‌ෙමෙන් මිනී මැරී‌ෙමේ කුමන්ත්‍රණයට රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද විභාගයට ගැණින.

    කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්විණ.

    පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු අධිකරණය විසින් සැකකරුවකු ලෙස පිළිගනු ලබන්නේ ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබේ නම් පමණක් බව සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේය.

    තම සේවාදායකයා සම්බන්ධයෙන් රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනුකර තිබෙන වාර්තාව මගින් රාජකාරිය පැහැර හැරීම නිසා මෙම අපරාධය සිදු වූ බව තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බව ජනාධිපති නීතිඥ මහතා පෙන්වා දුනී.

    හේමසිරි ප්‍රනාන්දු මහතා චේතනාන්විතව රාජකාරිය පැහැර හැරීම සිදු කර ඇති බව නීතිපති සිය ප්‍රතිශෝධන පෙත්සමින් සඳහන් කර ඇතත් ඒ බව තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ බවද පෙන්වාදුන් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා අවධාරනය කළේය. ඒ අනුව තම සේවාදායකයාට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය තුළ නීතිමය වශයෙන් කිසිදු දෝෂයක් නොමැති බවද සඳහන් කර සිටියේයා.

    එබැවින් මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශිත ඇප නියෝගය ප්‍රතිශෝධනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත් අවශ්‍ය නම් වගඋත්තරකරු වෙනුවෙන් විකල්පයක් නියම කිරීමට මහාධිකරණයට බලයක් තිබෙන බවත් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා සඳහන් කර සිටියා.

    Latest News