සරණ ගුණවර්ධනට එරෙහි නඩුව පිළිබඳ නීතිපතිවරයාට සිහිකැඳවීමක්

සැප් 17, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා සුඛෝබභෝගී රථයක් භාවිත කර නැවත භාර නොදී පුද්ගලික භාවිතයට යොදා ගැනීම සම්බන්ධව ගොනු කර ඇති නඩුව පිළිබඳ නීතිපතිවරයාට සිහිකැඳවීමක් සිදු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටියදී රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා මෙම සුඛෝපභෝගී රථය ආනයනය කර ඇත. නමුත් එම රථය භාර නොදී තම පුද්ගලික භාවිතය සඳහා යොදා ගත් බව කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර ඇති අතර එම නඩුව කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.

    සරණ ගුණවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණ පෙනී සිටියේය.

    Latest News