යුක්තිය මෙහෙයුම අතරතුර වැරදීමකින් අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු යැයි සිතා නීතිඥවරියකගේ රියදුරෙකු මහ මඟදී මාංචු දමා ප්රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් අද ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියා.
ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට ප්‍රහසන ශිල්පිණියක වූ නටාෂා එදිරිසූරිය නමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අධිකරණයට අපහාස කළේ යැයි ඉදිරිපත් වූ පැමිණිල්ලක් පිළිබඳව විමර්ශනයක් සිදු කරන කොටුව මහෙස්ත්‍රාත්වරයා දුන් නියෝගයක් අත්හිටුවීමට අභියාචනාධිකරණය අද තීරණය කළා.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මාර්ග අවහිර කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වන දා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදා දුන් බවට චෝදනා එල්ල වී සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව ලබන 04 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියමකළ රුපියල් මිලියන 75 ක වන්දිය සම්පූර්ණයෙන් ම ගෙවීමට අපොහොසත් වූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධාන නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කර තිබෙන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
2012 වසරේ දැඩි ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබූ ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.8 කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් චෝදනා ගොනු කර තිබෙන හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කළා.
රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ (25) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
පසුගිය යහපාලන රජය සමයේ ගොනු කෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට නොවැම්බර් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කලා.
ඊයේ දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇපමත මුදා හරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද බන්ධනාගාර නිලධාරීන් විසින් අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළා.

Latest News