නීතිඥ සංගමයේ නිලවරණයට එරෙහිව ඉදිරිපත් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

පෙබ 17, 2025
    අලුතින් නාමයෝජනා කැඳවීමකින් තොරව දැනට නියම කර තිබෙන පරිදි මේ මස 19 වනදා ශ්රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්රතික්ෂේප කළා.

    නීතිඥ ලිලන්ති ද සිල්වා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළා.

    ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා නාම යෝජනා භාරදුන් ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා එම නාම යෝජනාව ඉල්ලා අස්කරගෙන තිබීම නිසා අලුතින් නාමය යෝජනා කැඳවා නිලවරණය පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    Latest News