කළු ජූලියේ “සැමරිය නොහැකි සැමරුම්“

ජූලි 28, 2019

    කළු ජූලිය බොහෝ දෙනෙකුට අමතක වුවත්, සංවේදී නිර්මාණකරුවන්ගේ සිතින් එය මකාදැමීම අසීරුයි.

    කොළඹ ලයනල් වෙන්ඩට් කලාගාරයේ දී “සැමරිය නොහැකි සැමරුම්“ නමින් දෘශ්‍ය කලා ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ එම තේමාව මුල් කරගෙන. ප්‍රදර්ශනය ආරම්භ වූයේ පසුගිය 23 වැනිදා. පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වෙන මෙය ලබන 31 වැනිදා අවසන්වීමට නියමිතයි. චිත්‍ර හා මූර්ති ශිල්පීන් 10 දෙනෙකුගේ නිර්මාණ කෘති 15 ක් මෙහිදී ඉදිරිපත් කොට තිබේ. ප්‍රදර්ශනයට මූලිකත්වය දී ඇත්තේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර මහතායි.

    මීට සමගාමීව ප්‍රවීණ චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර මහතාගේ චිත්‍ර හා මූර්ති ඇතුලත් ප්‍රදර්ශනයක් කොළඹ සස්කියා ප්‍රනාන්දු කලාගාරයේදී පැවැත්වේ. එය ලබන 31 වැනිදා අවසන්වීමට නියමිතයි.
    ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයේ සාධනීය සලකුණක් සටහන් කරමින් තිරගත කෙරෙන නවතම සිංහල චිත්‍රපටය “විජයබා කොල්ලය“යි. එය එළඹෙන අගෝස්තු 1 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගතවේ. අධ්‍යක්‍ෂණය සම්මානනීය මහාචාර්ය සුනිල් ආරියරත්න. හේමාල් රණසිංහ, සෙනාලි ෆොන්සේකා, අශාන් ඩයස් මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවනවා.

    Last modified on ඉරිදා, 28 ජූලි 2019 20:35

    Latest News