ජයලත් මනෝරත්න අභිනන්දන ජාත්‍යන්තර නාට්‍ය උළෙළ

ජූලි 21, 2019

    ශ්‍රී ලාංකීය සළකුණ ඔසවා තැබෙන ආචාර්ය ජයලත් මනෝරත්න අභිනන්දන ජාත්‍යන්තර නාට්‍ය උළෙළ ලබන 4සිට 9 දක්වා කොළඹ එල්ෆිනිස්ටන් රඟහලේ දී පැවැත්වේ.

    සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ ලබන මස 03 වැනිදා. ශ්‍රී ලංකාව, ජර්මනිය, ඉන්දියාව, ඔස්ට්‍රියාව, පාකිස්තානය, ඉරානය, අමෙරිකාව සහ රුමේනියාව යන රටවල්වල නාට්‍ය කණ්ඩායම් මෙම උළෙල නියෝජනය කරනවා. මීට සමගාමීව කොළඹ නාට්‍ය කතිකාව පැවැත්වෙන්නේ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී. ඒ අගෝස්තු 05 වැනිදා සිට 07 වැනිදා දක්වා. නාට්‍ය වැඩමුළු මාලාවක් අගෝස්තු 04 වැනිදා සිට 09 වැනිදා දක්වා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ක්‍රියාත්මකයි. ජාත්‍යන්තර වේදිකා නාට්‍ය උළෙලක අත්දැකීම් මෙන්ම ප්‍රේක්‍ෂක විඥානය වැඩි දියුණු කරමින්, ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය කලාවට අදට වඩා හොඳ හෙටක් නිර්මාණය කිරීමට මෙය ඉතා වැදගත් අවස්ථාවක්.

    සිනමාව අද දිනෙන් දිනම අලුත් වනවා. තාක්‍ෂණයෙත් සමඟ මුසුවන නිර්මාණාත්මක සංකල්පයන් බොහෝ විට ව්‍යාජ වුවත් තාත්වික ලෙස හැඟෙන්නේ අද, සිනමාවේ පවතින ප්‍රබලත්වය නිසයි. “හෝබ්ස් ඇන්ඩ් ෂෝ“ ක්‍රියාදාම වර්ගයේ හොලිවුඩ් චිත්‍රපටයක්. මෙය සුප්‍රකට “ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්“ චිත්‍රපට මාලාවේ ඉදිරිපත් කිරීමක්. එම කතා මාලාව හා සබඳතාවක් ගොඩනැඟුණත් “හෝබ්ස් ඇන්ඩ් ෂෝ“ චිත්‍රපටය වෙනම කතාංගයක් ලෙසයි එළිදැක්වෙන්නේ. අධ්‍යක්‍ෂණය රංගන ශිල්පියෙකු ද වන ඩේවිඩ් ලීච්. ඩ්වේන් ජොන්සන්, ජේසන් ස්ටේතම් ඇතුළු අති දක්ෂ රංග ශිල්පීන් රැසක් මේ සඳහා දායක වනවා. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාවේ ප්‍රබල චරිතයක් වන ඩොමිනික් හට පන පොවන වින් ඩීසල්, මෙවර මේ චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සපයන්නේ නැහැ. ඊට හේතු වී ඇත්තේ නිෂ්පාදන කණ්ඩායම අතර ඇති වූ මතභේදාත්මක සිද්ධියක්. චිත්‍රපටය සඳහා වැය කෙරුණු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 200ක් වනවා. මිනිත්තු 136ක් පුරා දිවෙන මෙම සිනමා පටය ලබන මස 02 වැනිදා සිට ලොව පුරා තිරගත කෙරෙනවා.

    Latest News