“මිණි කිරණ“ අද සිට ජාතික රූපවාහිනියෙන් (වීඩියෝ)

ජූලි 17, 2019

    අධික තණ්හාව පසුපස හඹා යන මිනිසුන්ගේ ඛේදවාචකයන් පිළිබඳ කියැවෙන “මිණි කිරණ“ ටෙලි නාට්‍යය අද සිට සතියේ සෑම දිනකම රාත්‍රී 8.35ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.

    මීට පෙර, ජාතික රූපවාහිනියේ විකාශය වී, සම්මානයට පාත්‍ර වූ සල්මල් ලන්ද, සඳ දිය මංකඩ වැනි ප්‍රේක්‍ෂකයන් වැළඳගත් ප්‍රසාංගික නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ විජිත මංජුල සිංහපෘථිවි “මිණි කිරණ“ නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයායි. මිණිකිරණ ජාතික රූපවාහිනියේ නාට්‍ය ඒකකයේ ඉදිරිපත් කිරීමක්. මෙම ටෙලි නාට්‍යය රචනා කර ඇත්තේ, ඉසුරු යෝගය, ඉසුරු භවන, මනෝකාය, නිර්සත්වයෝ යන ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂණය හා රචනා කළ ජාතික රූපවාහිනියේ නාට්‍ය ඒකකයේ සුසිරන් ද සිල්වායි. නාට්‍යයේ නිෂ්පාදකවරයා වන්නේ, වෝල්ටර් අබේසුන්දරයි. කැමරා අධ්‍යක්‍ෂණය චන්දන ධර්මප්‍රියගෙන්. සරත් කොතලාවල, සුරාජ් මාපා, සම්පත් ජයවීර, චන්දික නානායක්කාර, අවනිත් අපොන්සු, රොෂානා ඔන්ඩච්වි, වසන්ත කුමාරසිරි, සිතිජ ජයසේකර යනාදී රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායකත්වය ලබාදෙයි. රූපවාහිනියේ “රූ කිරුළ“ සඳහා තරග කළ අවසන් 18 දෙනා අතරට තේරී පත්වූ අවුරුදු කුමරියන් තිදෙනෙකුට ද මෙම “මිණිකිරණ“ ටෙලි නාට්‍යයෙන් රංගනයට ප්‍රවේශවීමට අවස්ථාව ලබාදී තිබේ.

    Last modified on බදාදා, 17 ජූලි 2019 20:10

    Latest News