ඊශ්‍රායල - හමාස් යුද්ධයට ජාත්‍යන්තර අධිකරණයෙන් තීන්දුවක්

ජන 26, 2024
    ඊශ්‍රායලයට එරෙහි ජාත්‍යන්තර අධිකරයේ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ගාසා තීරයේ හමුදා මෙහෙයුම් නතර කරන ලෙස ඊශ්‍රායලයට මෙහිදී නියෝග කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    යුක්තිය සඳහා වන එක්සත් ජාතීන්‌ගේ ජාත්‍යන්තර අධිකරණයේ අද පැවැත්වෙන සැසිවාරය දකුණු අප්‍රිකාව විසින් ගෙන එන ලද නඩුවක කොටසක්. මෙම නඩුව ගොනු කරනු ලැබුවේ ඊශ්‍රායල විසින් පලස්තීනයේ ජන සංහාරයක් සිදු කරන බව චෝදනා කරමින්.

    සති දෙකකට පෙර නඩු විභාගය ආරම්භ වූ විට රටවල් දෙකම සාක්ෂි ලබා දීමට නියමිතයි. තම රටට එරෙහිව එල්ල වන චෝදනා ඊශ්‍රායලය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඊශ්‍රායලයට එරෙහි තීන්දුවක් ලබා දුනහොත් ඒය අධිකරණය විසින් බලාත්මක කළ නොහැකි නමුත් දේශපාලනික වශයෙන් වැදගත් වනු ඇති බවයි විදෙස් විශ්ලේශකයින් පවසන්නේ.
    ඊශ්‍රායලය ප්‍රහාරවලින් පලස්තීනුවන් 25,000 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, දස දහස් ගණනක් තුවාල ලබා තිබෙනවා. ඔක්තෝබර් 7 වැනි දින හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1,300 ක් පමණ ගිය අතර 250 දෙනෙකු පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා වෙත රැගෙන රැගෙන යනු ලැබුවා.
    ඊශ්‍රායලයේ හමුදා ක්‍රියාකාරකම් නැවැත්වීම ඇතුළු තාවකාලික පියවර නවයක් නිකුත් කරන ලෙස දකුණු අප්‍රිකාව අධිකරණයෙන් ඉල්ලා සිටිනවා

    Latest News