උසස් පෙළ විභාගය හෙටයි

ජන 03, 2024
    අ.පො.ස උස්ස පෙළ විභාගය හෙට (04) දින ආරම්භ කිරීමට නියමිත අතර ලබන 31 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධානය යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කර සිටිනවා.

    එසේම අ.පො.ස උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,300කදී පැවැත්වෙන බවයි සඳහන් වන්නේ. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බාධාවකින් තොරව උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ වැඩපිළිවෙළක් සැලසුම් කර තිබෙනවා.
    ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (02) ආපදා කළමණාකරණ මධ්‍යසථානයේදී පැවැත්වුණා.
    ඒ අනුව විශේෂ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ඒ වෙනුවෙන් සකස් කර ඇති අතර අදාළ මාර්ගෝපදේශය නියම්ත අංශ වෙත යොමුකර තිබෙනවා.
    සිසුන්ට අයහපත් කාලගුණය හේතුවෙන් මුහුණපෑමට සිදුවන බාධා මගහරවා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 අංකය ඇමතිය හැකි බවයි වාර්තා වන්නේ.

    Latest News