අවුරුදු 116න් ගිනස් පොතට

මාර් 11, 2019

    ලොව වයස්ගතම ජීවත්ව සිටින පුද්ගලයාට හිමි ගිනස් වාර්තාවට හිමිකම් පෑමට ජපාන ජාතික කාන්තාවක් පත්ව තිබේ.

    ඇය වයස අවුරුදු 116ක් වන කනේ තනකායි. ඇයට හිමි ගිනස් වාර්තා සහතිකය, ගිනස් වාර්තා බලධාරීන් විසින් පිරිනමනු ලැබීය. කනේ තනකා මහත්මිය, උපත ලැබුවේ 1903 ජනවාරි 02 වැනිදා. මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයේ ඇය පසුවන බවයි, වාර්තා වන්නේ.

    මේ වන විට ලොව වැඩිම කාලයක් ජීවත් වූ බවට වාර්තා වී ඇති පුද්ගලයා වන්නේ, ප්‍රංශයේ ජෙනී ලුවිස් කැල්මන්ට් නම් කාන්තාවයි. ඇය මියන විට ඇයගේ වයස අවුරුදු 122ක්.

    image

    guinness names 116 year old japanese woman kane tanaka world s oldest person

    kc old0903

    oldes002

    Last modified on සදුදා, 11 මාර්තු 2019 12:50

    Latest News