ත්‍රිකුණාමලය වෙරළ පිිරිසිදුකළ ඔස්ට්‍රේලියාවේ කට්ටිය...(ඡායාරූප)

මාර් 27, 2019

    ‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන සඳහා සහභාගිවිමට පසුගියදා (23) ත්‍රිකුණාමලය වරායට සේන්දු වු ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘සක්සස්’ නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් ඊයේ ( 26) ත්‍රිකුණාමලය "රවුන්ඩ් බේ" වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගී විය.

    ඒ සඳහා ‘සක්සස්’ නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් ඩ්‍රැරන් ජී ග්‍රෝගන් ඇතුළු නාවික පුද්ගලයින් 19 දෙනෙකු සහභාගිවි සිටියහ.

    එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මෙන්ම ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ අණදෙන නිලධාරිතුමා ඇතුළු නාවික පුද්ගලයින් 51 දෙනෙකු ඒ සඳහා සහභාගීවි සිටි අතර, මෙම ක්‍රියාව ප්‍රදේශයේ ජනතාවගේ පැසසුමටද ලක් විය.

    4

    5

    10

    Last modified on බදාදා, 27 මාර්තු 2019 13:55

    Latest News