කොරෝනාවලින් ළඳරුවන් බේරාගන්නා චීනයෙන් නව නිපැයුමක්

මාර් 27, 2020

    ළදරුවන් නිවසින් බැහැරට ගෙනයාමේ දී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට චීනයේ පුද්ගලයෙකු විසින් නව නිපැයුමක් සිදු කර තිබේ.

    කාවෝ ජුන්ජි නමැති ඔහු මාස 2ක් වයසැති සිය ළඳරුවා වෙනුවෙන් මෙය නිර්මාණය කර ඇති බවයි, වාර්තා වන්නේ. වූහාන් නගරයේ සිට චීනයටම බලපාන ලෙස පැතිර ගිය කොරෝනා වසංගත තත්වය හමුවේ, අවට පරිසරයෙන් වෙන්ව ළඳරුවන් ගෙන යෑමට හැකි පරිදි මෙම නව නිපැයුම සිදුකර තිබේ. එහි වාත පෙරහන් තුළින් අභ්‍යන්තර කුටීරය වෙත පිරිසිදු වාතය ගෙන යයි. ඇතුලත ඇති කාබන් ඩයොක්සයිඩ් තවත් නලයක් මගින් ඉවත් කෙරෙන අතර, සවිකර ඇති පරිපත කොටස් මගින් වායුවේ ගුණාත්මක බව නිතර පරීක්ෂා කර බැලෙයි.

    මෙය නිර්මාණය කළ කාවෝ ජුන්ජි පවසන්නේ, ළඳරුවන් ගෙනයෑමේ බෑගයක් වැනි කුටීරය,කොරෝනා වෛරසයෙන් ළඳරුවන් බේරාගැනීමට මෙන්ම, විෂදුම් හා දූවිල තත්වයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ද වඩාත් යෝග්‍යය බවයි.

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 11:11

    Latest News