ගිම්හානය අග ග්‍රීන්ලන්තයේ දියවී යන අයිස්

මාර් 19, 2020

    ඉකුත් වසරේ ගිම්හාන සෘතුව අවසන් වන විට ග්‍රීන්ලන්තයේ අසාමාන්‍ය ලෙස අයිස් දිය වී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. ඒ අනූව අයිස් ටොන් බිලියන 600ක් පමණ දිය වී ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    "ග්රේස් එෆ් ඕ" ලෙස හැඳින්වෙන අමෙරිකානු - ජර්මන් අභ්‍යාවකාශ මෙහෙයුමකින් මෙම නව තොරතුරු සොයා ගෙන තිබේ. චන්ද්‍රිකා ගුරුත්වාකර්ශන මිනුම් විශ්ලේෂකයන් පිරිසක් අදාළ මෙහෙයුමට සහභාගී වූ බවයි, වාර්තා වන්නේ.

    ඉන් අනාවරණය කරගත් තොරතුරු වලට අනූව අයිස් දිය වී යාම හේතුවෙන් මුහුදු මට්ටම මිලි මීටර 2.2කින් ඉහළ ගොස් තිබේ. ගෝලීය උෂ්ණත්වය මෙම අසාමාන්‍ය අයිස් දිය වීමට මූලිකම හේතුවයි. කෙසේ වෙතත් ශීත කාලයේ ආරම්භයත් සමග ක්ෂය වී ගිය අයිස්වලින් යම්කිසි ප්‍රමාණයක් නැවත ස්ථාපනය වීමේ හැකියාවක් පවතින බවට ද විද්‍යාඥයින් අනුමාන කරයි. නමුත් මෙය මුලු ලොවටම දැඩි අභියෝගාත්මක තත්වයක් බවයි, විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 10:16

    Latest News