මේ වසරේ මෙරටට සංචාරකයන් පැමිණීම ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

සංචාරකයින්ගේ පැමිණීම යළිත් ඉහළ යමින් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

මේ වසරේ මුල් දින 65 තුළ සංචාරක පැමිණීමේ සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවයි. ඒ අනූව මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට මාර්තු (06) දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 200,798 ක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වසර දෙකකට පසුව මසකට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව පෙබරවාරි මසයේ දි වාර්තා වී තිබේ. පෙබරවාරි මාසයේ දි මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව 96,507 කි.
2020 මාර්තු මාසයෙන් පසු මෙරටට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව එය බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ.

මේ වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණිම ලක්ෂය ඉක්මවයි. පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් 28 වැනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 101,872කි. නොවැම්බර් මස 01 වැනිදා සිට (28) දක්වා සංචාරකයන් 41,177 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

සංචාරක පැමිණීම මේ වසරේ මිලියන 03 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන,වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

දිවයිනට විදෙස් සංචාරකයින්ගේ පැමිණිම ඉකුත් මාසයේ දී සියයට 16.8කින් ඉහළ ගොස් ඇතැයි, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Latest News