ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොයිම්බතූර්හි රැදී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් 122ක් යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (26) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි මස 15 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් සීමාවන් සැලකිල්ලට ගනිමින් 2020 අප්‍රේල් මස 8 වන දින සිට අප්‍රේල් මස 21 වන දින දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුව ඇති බව දැනුම් දී සිටියි.

“සෙරන්ඩිපිටි නෙක්ස් ඩොර්” සන්නාම වීඩියෝව එළි දක්වා පැය 19ක් ඇතුළත එය ගෝලීය සමාජ ජාලා ඔස්සේ නැරඹූ ප්‍රමාණය මිලියන 5 ඉක්මවා තිබේ.

කටාර් එයාර්වේස් සංකේත හුවමාරුව හරහා ශ්‍රීලංකන් ගුවන් සේවය එක්සත් ජනපදයේ සහ යුරෝපයේ මෙහෙයුම් ශක්තිමත් කරයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය දිගුකාලීන වාණිජ ප්‍රතිපත්ති මත සහ වර්තමාන වෙළඳපල තත්වයන්ට අනුකූලව චීනය වෙත සිදුකරන සිය සේවාවන් සංශෝධනය කරමින් නගර කිහිපයකට ගුවන් ගමන් වාර තාවකාලිකව අඩු කිරීමට කටයුතු යොදා තිබේ.

නත්තල් සමය වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිරන්තර පියාසර කිරීමේ වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් සේවාව විසින් සිය පාරිභෝගිකයන් වෙත විශේෂ දීමනාවක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරය සඳහා අශෝක් පතිරගේ මහතා පත් කර තිබේ.

වසර 38කට පසුව ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. අද (14) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී එම නව ගාස්තු නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ මෙම නව සංශෝධනයත් සමඟ මෙතෙක් ලබා ගත් ආදායමට වඩා වාර්ෂිකව රුපියල් මිලියන 813ක අමතර ආදායමක් ශ්‍රී ලංකාවට හිමි වන බවයි.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගුවන් ගමන් සේවා අද (11) සිට සිවිල් වැසියන් වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිතයි. 

Latest News