ශ්‍රී ලංකන් ගුවන් සේවය 2021 ආසියානු නායකත්ව සම්මාන උළෙලේ දී (ALA) “ආසියානු මානව සම්පත් නායකත්ව සම්මාන” කාණ්ඩය යටතේ “විශිෂ්ටතම සෞඛ්‍යය කළමනාකරණය ” (Best in managing health at work) සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීය.

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට අදාළ පූර්ණ ව්‍යාපාරික සැලැස්මක් සකසා මාසයක් ඇතුළත් කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාට ඊයේ (06) දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන්  ගුවන් සේවය රුසියානු අගනුවර වන මොස්කව් වෙත නැවත වරක් ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය කිරීමට එහි නිලධාරීන් අද (06) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත කැඳවා ඇති බව, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අද (12) අලුයම සිට මැයි මස 31 වැනිදා දක්වා අත්හිටුවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ගුවන් මගීන්ට වැඩි පහසුකම් සලසා දීමේ අරමුණින් “Neighbour-Free Seats” ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ අංශය සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපල සමූහය විසින් පවත්වන ලද “2021‘Let’s Talk Cargo” සම්මාන උළෙලේ දී “භාණ්ඩ සේවා විශිෂ්ටතා සම්මානය” (Cargo Service Excellence Award ) සහ “Absolute Cargo Award Growth” යන සම්මාන ද්විත්වයෙන් පසුගියදා පිදුම් ලැබීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය වාර්තාගත ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් මාලදිවයිනට පසුගිය පෙබරවාරි මාසයේ දී ප්‍රවාහනය කර තිබේ.

පශ්චාත් කොවිඩ් සමයේ දී මගී ආරක්ෂාව හා යහපැවැත්ම සඳහා වූ සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමත් වී තිබේ. ස්වාධීන හා පූර්ණ පරීක්ෂාවකින් පසු සුරක්ෂිතතා ප්ලැටිනම් ප්‍රමිතියට අනූව සම්මානය ලැබුණු බවයි එම සමාගම නිවේදනය කළේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සිට සිංගප්පූරුව දක්වා මගී ගුවන් ගමන් වාර සතියකට තුන්වරක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

Latest News