ශ්‍රීලංකන් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ මෙහෙයුම් ශක්තිමත් කරයි

පෙබ 07, 2020

    කටාර් එයාර්වේස් සංකේත හුවමාරුව හරහා ශ්‍රීලංකන් ගුවන් සේවය එක්සත් ජනපදයේ සහ යුරෝපයේ මෙහෙයුම් ශක්තිමත් කරයි.

    කටාර් එයාර්වේස් සමඟ දැනට පවතින සංකේත හුවමාරු ගිවිසුම පුළුල් කිරීම තුළින් ශ්‍රීලංකන් ගුවන් සේවය එක්සත් ජනපදයේ සහ යුරෝපීය වෙළඳපල තුළ සිය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු යොදා තිබේ. එමගින් මෙම කලාපවල විවිධ නගරවලට අමතර සම්බන්ධතා නිර්මාණය වනු ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කළේ කටාර් එයාර්වේස් සමඟ ඇති හවුල්කාරිත්වයේ ව්‍යාප්තිය මගින් ශ්‍රීලංකන් පියාසර කරන නගර සංඛ්‍යාව වැඩි කිරීමට අමතරව, පුළුල් පරාසයක ගමනාන්තයන් හරහා ගුවන් මගීන්ට බාධාවකින් තොරව සම්බන්ධතාවය සැපයීම සඳහා අවස්ථාව උදාවන බවයි.

    ඒ අනුව 2020 පෙබරවාරි මස 8 වන දින සිට බලපැවැත්වෙන පරිදි, කටාර් එයාර්වේස් විසින් මෙහෙයුම් සිදු කරන දෝහා සිට සහ චිකාගෝ හි O’Hare ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ටෙක්සාස් හි හූස්ටන් නගරයේ ජෝර්ජ් බුෂ් අන්තර් ජාතික ගුවන්තොටුපළ, ටෙක්සාස් හි Dallas-Fort Worth ජාත්‍යන්තර ගුවන්තොටුපළ, බොස්ටන් ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ, එක්සත් ජනපද අගනුවර වොශින්ටන් ඩී. ඩී හිඩලස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ස්පාඤ්යේ Madrid–Barajas ගුවන් තොටුපළ, සහ සයිප්‍රසයේ ලාර්නාකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර ශ්‍රී ලංකන් සංකේත හුවමාරු කර ගනු ඇත. මෙම ගුවන් සමාගම් දෙකම දෝහා හි හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ කටාර් එයාර්වේස් කේන්ද්‍රස්ථානය කරගනිමින් සහ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර දිනකට කිහිප වතාවක් පහසු ගුවන් සම්බන්ධතාවයක් ලබා දෙයි.

    වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයින් වශයෙන් ගුවන් සමාගම් දෙකම සාමාජික ගුවන් සමාගම් 13 ක් හරහා රටවල් 180 කට අධික සංඛ්‍යාවක සහ ගමනාන්ත දහසකට අධික සංඛ්‍යාවක් වෙත ගුවන් මගීන් සම්බන්ධ කරවයි. එසේම ගුවන් සේවා දෙක අතර සංකේත හුවමාරු ගිවිසුම මෑතකදී ව්‍යාප්ත කිරීමේ දෙවන අදියර ද මෙය වේ. එහි පළමු අදියර 2019 අවසාන කාර්තුවේදී නිම කරන ලද අතර ගුවන් සේවා දෙකෙහිම ගුවන් ගමන් ජාලවලට ගමනාන්ත විශාල ප්‍රමාණයක් එක් කරන ලදී. සංකේත හුවමාරු ගමනාන්ත ලෙස හූස්ටන්, Dallas-Fort Worth සහ බොස්ටන් එකතු කිරීමත් සමඟ, ශ්‍රීලංකන් මාර්ග ජාලය රටවල් 51 ක නගර 116 ක් පුරා විහිදේ. ශ්‍රීලංකන් දැනටමත් චිකාගෝ, වොෂිංටන් ඩී. සී., මැඩ්රිඩ් සහ ලාර්නාකා හි අනෙකුත් හවුල්කාර ගුවන් සමාගම් සමඟ සංකේත හුවමාරු ගිවිසුම් හරහා සේවය සපයයි.

    ලෝකයේ විවිධ ප්‍රදේශවල සිය මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා සංකේත හවුල්කාරිත්වය ගුවන් සමාගම් අතර බහුලව භාවිත වේ. ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගීන්ට දැන් එක් සංචාරක වෙන්කරවා ගැනීමක් හරහා දෝහා හරහා බාධාවකින් තොරව ගමන් කිරීමට අවස්ථාව තිබේ. ශ්‍රීලංකන් සමඟ ගුවන් සමාගම්ගණනාවක් දැනටමත්සංකේත හුවමාරු ගිවිසුම් වලට එළඹ තිබේ.

    Latest News