ශ්‍රීලංකන් ගුවන් සේවයට සම්මාන ද්විත්වයක්

මාර් 05, 2021

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ අංශය සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපල සමූහය විසින් පවත්වන ලද “2021‘Let’s Talk Cargo” සම්මාන උළෙලේ දී “භාණ්ඩ සේවා විශිෂ්ටතා සම්මානය” (Cargo Service Excellence Award ) සහ “Absolute Cargo Award Growth” යන සම්මාන ද්විත්වයෙන් පසුගියදා පිදුම් ලැබීය.

    මේ අනුව සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපලේ ගුවන් භාණ්ඩ සඳහා වැඩිම දායකත්වයක් සපයන ඉහළම ගුවන් සමාගම් 5 න් එකක් බවට ද ශ්‍රීලංකන් ගුවන් සමාගම පත්ව තිබේ.

    සිංගප්පූරුවේ ගුවන් භාණ්ඩ කර්මාන්තයේ හවුල්කරුවන් විසින් මෙම ‘විශිෂ්ටතා සම්මානය’ සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය නිර්දේශ කර තිබේ. මෙම සම්මාන පිරිනමන ලද්දේ උසස් පාරිභෝගික සේවාවක් සැපයීම සහ චැංගි ගුවන් භාණ්ඩ කේන්ද්‍රය හරහා භාණ්ඩ ප්‍රවාහනය සඳහා වේගවත් හා නව්‍ය විසඳුම් ලබා දීම වෙනුවෙන්ය.

    පසුගිය වසරේ කෝවිඩ් -19 වසංගතය ව්‍යපවීයාමෙන් පසුව, ගෝලීය ගුවන් ගමන් තාවකාලික වශයෙන් නතර වූ අවස්ථාවක චැංගි ගුවන්තොටුපළ වෙත භාණ්ඩ හා මගී ගුවන් ගමන් ආරම්භ කළ පළමු ගුවන් සමාගම් කිහිපයෙන් එකක් වන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයයි.

    ඒ අනුව, පසුගිය වසරේ සිට මෙම ගුවන් ගමන් අමතරව කොළඹට සිට චෙන්නායි, මුම්බායි, නවදිල්ලිය, ක්වාලාලම්පූර් සහ මෙල්බර්න් යන ගමනාන්ත පහකට සෘජු සේවා සැපයීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. එහි දී අත්‍යවශ්‍ය භාණ්ඩ , මෙන්ම පුද්ගලික වෛද්යල උපකරණ (PPE) ඇතුළු හදිසි ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ඇතුළත් විය.

    Latest News