ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් වාර්තාගත ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් මාලදිවයිනට

මාර් 02, 2021

    ශ්‍රී ලංකන් ගුවන් සේවය වාර්තාගත ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් මාලදිවයිනට පසුගිය පෙබරවාරි මාසයේ දී ප්‍රවාහනය කර තිබේ.

    කිලෝග්‍රෑම් මිලියන 1.2ක භාණ්ඩ ඊට අයත් බවයි, ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ. මාලදිවයින යනු කොවිඩ් වසංගතය හමුවේ ගුවන් ගමන් මෙහෙයුම් සඳහා විවෘතව ඇති රටවල් කිහිපය අතරින් ඉතා ජනප්‍රිය ගමනාන්තයක්.

    මෙම කාලයේ දී එරට තුළ ආහාර ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ගුවන් භාණ්ඩ සඳහා ඉහළ ඉල්ලුමක් පවතියි. එම ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ අංශය මාලේ වෙත පසුගිය මාසයේ දී ගුවන් භාණ්ඩ මෙට්‍රික් ‍ටොන් 500ක් පමණ ප්‍රවාහනය කර තිබේ.

    එසේම, මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට අපනයනය කරන ලද ගුවන් භාණ්ඩ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 188ක්. ලන්ඩනය, ටෝකියෝ සහ සිඩ්නි දක්වා විහිදෙන ශ්‍රී ලංකන් ගෝලීය ගුවන් භාණ්ඩ ජාලය මාලදිවයිනේ ආනයන හා අපනයන අවශ්‍යතා සපුරාලීම සඳහා දැඩි ලෙස කැපවී සිටින බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ.

    Latest News