රටවල් 5කට ශ්‍රී ලංකාවේ සිට ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවයි

මැයි 12, 2021

    ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අද (12) අලුයම සිට මැයි මස 31 වැනිදා දක්වා අත්හිටුවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් පවසයි.

    ඒ අනුව ඩුබායි,කුවේට්,ඉතාලිය,මාලදිවයින හා සිංගප්පූරුව වෙත යෑමට අවසර හිමි නොවේ.

    මෙසේ ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවා ඇති රටවල් වෙත තවදුරටත් ගුවන් භාණ්ඩ රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ශ්‍රී ලංකාවේ සිට පැමිණීමට අවස්ථාව හිමි වී තිබෙන බවයි, ගුවන් තොටුපොළ නිලධාරීන් පවසන්නේ. 

    එහෙත් එම රටවල සිට තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට අවසර හිමිව තිබේ.

    Latest News