අදත් පළාත් කිහිපයකටම වැස්ස

සැප් 11, 2023

     දිවයිනේ පළාත් කිහිපයකට අද මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර සහ සබරගමුව යන පළාත් හා පුත්තලම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක තරමක තද වැසි ඇතිවිය හැකි ප්‍රදේශයි.

    දකුණු හා වයඹ පළාත්වල මෙන්ම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවනවා. මන්නාරම, වවුනියාව සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ඌව පළාත, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40 ත් 45 ත් අතර, තද සුළං ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනාතවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News