අදත් හොඳටම වැස්ස

සැප් 08, 2023

    බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත් හා මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල අදත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර, සබරගමුව යන පළාත්වල සහ පුත්තලම, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වෙත මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

    අනුරාධපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙනවා. ඌව පළාතේ හා මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග හටගත හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලද, උතුරු, උතුරුමැද සහ වයඹ යන පළාත්වලද ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලද වරින් වර පැයට කිලෝමීටර 40 ත් 45 පමණ තරමද තද සුළං ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලද වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. පුත්තලම සිට මන්නාරම, කංකසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය, වරින් වර පැයට කිලෝ මීටර 55 ත් 65 ත් පමණ දක්වා වැඩිවිය හැකියි. ඒ අනුව, අදාළ මුහුදු ප්‍රදේශ වරින් වර ඉතා රළු වියහැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    පවතින දැඩි වර්ෂාපතනයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ අධිකාරිය නිකුත් කළ නායයාම් අනතුරු අවදානම දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, පාලින්දනුවර, වලල්ලාවිට, මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැලියගොඩ, කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත්, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, බුලත්කොහුපිටිය,

    අයහපත් කාලගුණය හේතුවෙන් බුලත්සිංහල ප්‍රදේශයේ පාසල් 3 ක් අද වසා දැමුණා. ඒ, බුලත්සිංහල හල්වතුර දෙමළ විද්‍යාලය, පරගොඩ, කිතුලේගොඩ කණිෂ්ඨ විද්‍යාලය සහ ඉහළ වෙල්ගම කණිෂ්ඨ විද්‍යාලයයි. කුඩා ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල ප්‍රදේශයේ පරගොඩ, නාලියැද්ද, දඹල ආදී ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටව තිබෙනවා. බුලත්සිංහල, මෝල්කාව ප්‍රධාන මාර්ගයද ජලයෙන් යටවීම නිසා ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    මහඑළිය රක්ෂිත ප්‍රදේශයට තද වැසි ඇදහැලීමෙන් බගවන්තලාව ප්‍රදේශයේද පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. මේ හේතුවෙන් කෙ‍සෙල්ගමු ඔයේ ජල මට්ටමද සැලකියයුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ හේතුවෙන් බගවන්තලාව, කොටියාගල වතු නිවාසවලට පිවිසෙන මාර්ග රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා.

    අධික වැසි හේතුවෙන් හම්බන්තොට රන්න හා නෙටොල්පිටිය ප්‍රදේශවල අස්වැන්න නෙලීමට ආසන්නව තිබූ කුඹුරු අක්කර දහස් ගණනක් ජලයට හසුව විනාශ වී තිබෙනවා. ඒ හේතුවෙන් ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

    Latest News