ඩෙංගු යලි හිස ඔසවයිද?

සැප් 04, 2023

    වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු රෝගය යළි ව්යාප්ත වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

    ඩෙංගු අධි අවදානම් කලාප ආවරණය වන පරිදි පසුගිය දින තුනේදී මර්දන වැඩසටහන් ක්රිනයාත්මක කළ බවයි එම ඒකකයේ අධ්යදක්ෂ විශේෂඥ වෛද්යන නලීන් ආරියරත්න මහතා කියා සිටින්නේ.

    මේ වසරේ, මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යානව 62,160 ක්. ඉන්, සියයට 50 කට ආසන්න සංඛ්යා වක් වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙන්. කොළඹ දිස්ත්රි ක්කයෙන් ඩෙංගු රෝගීන් 13,204 දෙනෙකු වාර්තා වී තිබෙනවා. බස්නාහිර පළාතට අමතරව, මහනුවර, පුත්තලම, කුරුණෑගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්රිහක්කවලින්ද ඩෙංගු රෝගීන් වාර්තා වනවා. මේ වසර තුළ ඩෙංගු රෝගයෙන් 38 දෙනෙකු මිය‍ගොස් තිබෙනවා. සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 20 ක් පාසල් සිසුන් වන බවයි විශේෂඥ වෛද්යර නලීන් ආරියරත්න මහතා පවසන්නේ.

    Latest News