ලොව දිගම මගී දුම්රිය

නොවැ 01, 2022

    ලොව දිගම මගී දුම්රිය සමග ගමනක් නිම කිරීමේ නව වාර් තාවක් පිහිටුවීමට ස්විස්ටර් ලන්ත දුම්රිය ක්‍රියාකරුවෙක් සමත්ව තිබේ.

    මැදිරි 100ක්, ආසන 4550ක් රියදුරන් 07ක් සමග ප්‍රේඩා සිට බර් ගන් දක්වා ඇල්බුලා-බර් නිනා මාර් ගය ඔස්සේ මෙම 1.9Km (1.2 miles) ක් දිග දුම්රිය මෙලෙස 25Km ක් දුර ධාවනය කර තිබේ.

    මෙම මාර් ගය 2008 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද්දකි. එය උමං 22 ක් හරහා ගමන් කරයි. ඇතැම් ස්ථාන කඳු හරහා සර් පිලාකාරව, ශ්‍රී ලංකාවේ ආරුක්කු පාලම් වැනි පාලම් ද ඇතුළුව පාලම් 48 ක් හරහා ගමන් කරයි.

    මුළු ගමනටම පැයකට වඩා ගතවේ. ඇල්ප්ස් කඳුවැටිය හරහා ගමන් කරන මෙම දුම්රිය නැරඹීමට දුම්රිය ලෝලීන් මිටියාවත පුරා පෙළ ගැසී සිටියහ. ස්විට්සර්ලන්තයේ ඉංජිනේරු ජයග්‍රහණ ඉස්මතු කිරීමට මෙන්ම ස්විට්සර්ලන්ත දුම්රිය සේවයට වසර 175ක් සපිරීම නිමිත්තෙන් මෙම ලෝක වාර් තාගත උත්සාහය සිදු විය.

    ස්විස්ටර් ලන්ත රේෂන් දුම්රිය සමාගම පවසන්නේ කොරෝනා සමයේ දුම්රියේ මගීන් රැගෙන යාම අඩුවීමත් අහිමි වූ 30% ක පිරිවැටුම ආදී ගැටලු යතා තත්වයට පත් කර ගැනීම සඳහා මගීන් ආකරෂණය කර ගැනීමට මෙම ප්‍රයත්නය හේතු වූ බවයි.

    Last modified on අඟහරුවාදා, 01 නොවැම්බර් 2022 19:15

    Latest News