බෙන්ස් රුසියාවෙන් යයි

ඔක් 26, 2022

    යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාවෙන් ඉවත් වූ නවතම බටහිර සමාගම බවට මර්සිඩීස් පත්ව ඇත.

    මෙම ජර්මන් සමාගම මාර්තු මස මුලදී රුසියාව තුළ නිෂ්පාදනය සහ අපනයනය නතර කළේය. නමුත් දැන් එය රුසියානු වෙළෙඳපොළෙන් ඉවත් වී එහි අනුබද්ධිත කොටස් දේශීය ආයෝජකයෙකුට විකුණන බව පවසයි. නමුත් මර්සිඩීස් හි ප්‍රධාන මූල්‍ය නිලධාරි හැරල්ඩ් විල්හෙල්ම් පැවසුවේ රුසියාවෙන් ඉවත්වීම සමාගමේ ලාභයට බරපතල බලපෑමක් නොකරන බවයි.

    ජගුවාර් ලෑන්ඩ් රෝවර්, ජෙනරල් මෝටර්ස්, ඇස්ටන් මාටින් සහ රෝල්ස් රොයිස් ඇතුළු අනෙකුත් මෝටර් රථ සමාගම්, යුද්ධයේ මුල් මාසවලදී රුසියාව වෙත බෙදා හැරීම නතර කළහ. ඡපානයේ Toyota හා Renault ,Nissan සමාගම්ද මෙම මස මුලදී රුසියාවෙන් ඉවත් විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ඔක්තෝබර් 2022 21:22

    Latest News