ශ්‍රි ලංකන් සහ කාගිල්ස් ගුවන් මගී සබඳියාවක

පෙබ 20, 2019

    ශ්‍රි ලංකන් ගුවන් සමාගම සහ කාගිල්ස් බැංකුව අතර නව ගිවිසුමක් අත්සන් තැබීණ.

    සංචාරවල නිරත ගුවන් මගීන්ට වැඩි පහසුකම් සැලසීමට අපේක්ෂා කෙර්. ඒ අනුව www.srilankan.com යන වෙබ් අඩවිය ඔස්සේ ගුවන් ප්‍රවේශ පත්‍රව වෙන්කරවා ගැනීම් සඳහා මුදල් ගෙවීම්, කාගිල්ස් බැංකු ශාඛා සහ කාගිල්ස් ෆුඩ් සිටි වෙළඳසැල්වලින් සිදු කිරීමේ අවස්ථාව උදාවේ.

    ශ්‍රී ලංකන් හි 'Book Now Pay Later' අන්තර්ජාලය හරහා ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ දී සහ ගෙවීම් සිදුකිරීමේ දී ගුවන් මගීන් වෙත සුවිශේෂී පහසුකම් ලබාදෙන ක්‍රමවේදයකි. ශ්‍රි ලංකාව පුරා විහිදී ඇති 370 කටත් අධික කාගිල්ස් ෆුඩ්සිටි"කාගිල්ස් කෑෂ්" මගින් හෝ ඉතා වේගයෙන් ව්‍යාප්ත වන කාගිල්ස් බැංකු සියළුම ශාඛාවලින් මුදල් ගෙවීමේ හැකියාව පවතී.

    "කාගිල්ස් කෑෂ්" අසමසම සේවාවක් සිය පාරිභෝගිකයන්ට ලබාදෙයි. දිවයින පුරා විසිරී පවතින 370කට අධිකකාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවන් හරහාදින 365පුරා උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා ගනුදෙනු කිරීමේ හැකියාව තිබේ.

    ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ප්රවධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා මෙසේසඳහන් කළේය.“Book Now Pay Later පහසුකම ශ්‍රි ලංකාව පුරා සිටින ශ්‍රි ලන්කන් එයාර්ලයින්ස් පාරිභෝගිකයින්ට විශේෂ පහසුකම් සලසා ඇති බව යැයි ඔහු කියා සිටියේය.

    එක්සත් අරාබි එමීර් රාජ්‍ය සිටින අයටද විශේෂ වට්ටම් ලබා ගැනීමට හැකියාව ලැබි ඇත. සංචාරකයන්ට www.srilankan.com වෙබ් අඩවිය මාර්ගයෙන් කොළඹ සිට හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ගුවන් ගමනට පැය 72 ක් ගත වීමට පෙරතම ගුවන් ටිකට්පත් වෙන් කර ගත හැකිය. ඔවුන්'Pay Later' විකල්පය තෝරාගත් පසුව, පාරිභෝගික වෙන් කිරීමේ අංකයක් (Reservation Number ) , තහවුරු කිරීමේ ඊ-තැපෑලක් සහ ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳ මාර්ගෝපදේශක් ස්වයංක්‍රියව ලැබෙනු ඇත. මේ සඳහා පැය 48 ක උපරිම කාලයක් ලැබෙන අතර කාගිල්ස් බැංකු සහ කාගිල්ස් ෆුඩ් සිටි ජාලය හරහා මුදල් ගෙවීම් සිදු කළ හැකිය.

    ‘Book now Pay later’සේවාව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ ක්‍රෙඩිට් කාඩ්පත් නොමැති අයට, සංචාරක අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ණය සීමාවන් නොමැති අයට සහ අන්තර්ජාලය හරහා මිලදී ගැනීම සඳහා ඔවුන්ගේ කාඩ්පත් භාවිතා කිරීමට අකමැති ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙනි.

    ශ්‍රිලංකන් ගුවන් සමාගම රටවල් 48 ගමනාන්ත 111 ක් වෙත ගුවන් මෙහෙයුම් සිදුකරයි. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රි ලංකන් ගුවන් මගීන්ට හිමිවේ.

     

     

     

     

    Latest News