සතොස අලුත් අවුරුද්දේ වාර්තාගත ආදායමක් උපයයි

අප්‍රේ 19, 2021

    මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලසීමාව තුළ සතොස අලෙවි සැල් ජාලය රුපියල් මිලියන 2,750ක වාර්තා ගත ආදායමක් උපයා ඇතැයි,වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

    භාණ්ඩ වර්ග 27ක මිල ස්ථායිකරණ වැඩසටහන හා සතොස සහන මල්ල ව්‍යාපෘතිය ඊට බෙහෙවින් ඉවහල් වී තිබේ.

    අප්‍රේල් පළමු වැනිදා සිට 13 වැනිදා දක්වා මෙම වාර්තා ගත ආදායම උපයා තිබේ. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත භාණ්ඩ වර්ග 27ක මිල ස්ථායිකරණ වැඩසටහන සහ සතොස සහන මල්ල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණ.

    එම ව්‍යාපෘතිය කෙරෙහි පාරිභෝගික ජනතව සිය විශ්වාසය පළ කරමින් දැක් වූ දනාත්මක ප්‍රතිචාරය මෙම වාර්තාගත ආදායම කෙරෙහි බලපෑ බවයි,වෙළෙඳ අමාත්‍යාංශය පවසන්නේ.

    2020 වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සතොස ලැබූ සමස්ත ආදායම රුපියල් මිලියන 1,306ක්.

    ඒ අනූව මෙවර පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකට වැඩි ආදායමක් සතොස ලබා තිබේ.

    Latest News