අයි.එස්.අයි.එස්. නායක අබුබකර් සිරියාවේදී ඝාතනය කෙරේ

ඔක් 27, 2019

    අයි.එස්.අයි.එස්. සංවිධානයේ නායක අබුබකර් අල් බග්ඩාඩ් මියගොස් ඇතැයි විශ්වාස කරන බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    ඒ, අමෙරිකානු හමුදා ඊයේ උතුරු දිග සිරියාවේ සිදු කළ මෙහෙයුමක් අතරතුරයි. මියගොස් ඇති පුද්ගලයා අයි.එස්.අයි.එස්. නායක අබුබකර් අල් බග්ඩාඩි යැයි නිශ්චිතව හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන ඩී.එන්.ඒ. හා ජෛව මිතික පරීක්‍ෂණ මේ වනවිටත් ක්‍රියාත්මකයි. අමෙරිකානු හමුදා මෙහෙයුම් අතරතුර ඔහු සිදුකරගත් පුපුරුවා ගැනීමකින් සියදිවි හානිකර ගෙන ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා පවසයි. 48 හැවිරිදි අබුබකර් අල් බග්ඩාඩ් සොයා ගැනීම සඳහා අමෙරිකාවේ සී.අයි.එස්. හෙවත් මධ්‍යම බුද්ධි අංශයේ සහයෝගය ද ලැබී තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වේලාවෙන් අද උදේ 09.00ට මේ සම්බන්ධ විශේෂ නිවේදනය නිකුත් කිරීමට නියමිත බව ධවල මන්දිරියේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් හෝගන් ගිඩ්ලි මාධ්‍යයට පැවසීය.

    Latest News