කැනඩාවේ මහ මැතිවරණය අද

ඔක් 21, 2019

    කැනඩාවේ 43 වැනි මහ මැතිවරණය අද පැවැත්වෙනවා.

    මෙවර මැතිවරණය සැලකෙන්නේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝගේ ජනප්‍රියත්වය පිළිබඳ මත විමසුමක් ලෙසයි. මැතිවරණයේ දී පහළ මන්ත්‍රණ සභාව සඳහා නියෝජිතයින් 338 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි. ඒ සඳහා ඡන්ද විමසුම පැවැත්වෙන්නේ කේවල ක්‍රමයටයි. එහිදී තියුණු තරගයක් අපේක්‍ෂා කෙරෙන්නේ ජස්ටින් ටෘෘඩෝගේ ලිබරල් පක්‍ෂය සහ ඇන්ඩෘ ෂියර්ගේ කන්සර්වේටිව් පක්‍ෂය අතරයි. කන්සර්වේටිව් පක්‍ෂය තරමක් ඉදිරියෙන් සිටින බව, පූර්ව මැතිවරණ සමීක්‍ෂණ පෙන්වා දෙනවා. ජග්මීත් සිං ගේ නායකත්වයෙන් යුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය මෙවර මැතිවරණ ව්‍යාපාරය තුළ සීග්‍ර ප්‍රගතියක් අත්කර ගෙන තිබේ. 2015 පැවති අවසන් මහ මැතිවරණයේදී ලිබරල් පක්‍ෂය ජයග්‍රහණය කළේ, ආසන 184ක බලය ලබාගනිමින්.

    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 20:15

    Latest News