ISIS නායකත්වය අබු ඊබ්‍රාහීම් අල් - හෂේමි අල් - කුරෙයිෂිට

නොවැ 01, 2019

    ඉස්ලාම් රාජ්‍යයේ සහ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නව නායකයා ලෙස අබු ඊබ්‍රාහීම් අල් - හෂේමි අල් - කුරෙයිෂි නම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

    මේ අතර, බග්දාදිගේ මරණයෙන් පසුව එම සංවිධානයේ නායකයා බවට පත්වනු ඇති බවට විශ්වාස කෙරුණු එම සංවිධානයේ ප්‍රකාශකයා ලෙස කටයුතු කළ අබු අල් - හසන් අල් - මුහාජිර් පසුගිය 27දා එක්සත් ජනපද - කුර්දි ඒකාබද්ධ මෙහෙයුමකදී ඝාතනයට ලක්වුණු බවද එම සංවිධානය පිළිගෙන ඇත.

    ඒ අනුව, ත්‍රස්ත සංවිධානයේ නව ප්‍රකාශකයා ලෙස කටයුතු කරන අබු හම්සා අල් - කුරෙයිෂි විසින් හඬ පටයක් නිකුත් කරමින්, අබු ඊබ්‍රාහිම් අල් - හෂේමිට අවනතව කටයුතු කරන ලෙස ද මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

    Latest News