ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක ගින්නකින් 43ක් ජීවිතක්ෂයට

දෙසැ 08, 2019

    ඉන්දියාවේ නව දිල්ලි නුවර පිහිටි ගමන් මලු නිපදවනු ලබන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් එහි සේවය කරමින් සිටි පුද්ගලයින් 43 දෙනෙක් මියගොස් තිබේ.

    ගින්න අද (08) අළුයම 5.00 ට පමණ හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    ගින්න හටගත් අවස්ථාවේ එම කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටි සේවකයින් නින්දේ පසුව ඇති බවයි වාර්තා වන්නේ. 60 දෙනෙකු පමණ බේරාගැනීමට සහන සේවා කණ්ඩායම්වලට හැකිව තිබේ. ගින්නට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැති බවයි ඉන්දීය බලධාරීන් සඳහන් කරන්නේ.

    ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 30 ක් යෙදෙවූ බව වාර්තාවේ.

    නව දිල්ලි නුවර ඇතිවූ මෙම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාද සිය සංවේගය පළකර තිබේ.

    Latest News