ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ශ්‍රී හරිකොට්ටාහි පිහිටි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය මගින් ඊයේ චන්ද්‍රිකාව දියත් කර තිබේ. එරට නිෂ්පාදිත P.S.L.V-C47 යන රොකට්ටුව මගින් මෙම දියත් කිරීම සිදුකර ඇති බවයි, වාර්තා වන්නේ.
ඊට අමතරව මෙම යානය මගින් තවත් නැනෝ චන්ද්‍රිකා 13ක්ද මේ සමග කක්ෂගත කෙරුණු බව, එම ඒජන්සිය පවසයි. මෙම චන්ද්‍රිකා පෘථිවි නිරික්ෂණ සහ සන්නිවේදන කටයුතු සිදුකරන අමෙරිකානු සමාගමකට අයත් ඒවා බවයි, සඳහන් වන්නේ.