ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් යථා තත්වයට

නොවැ 29, 2019

    බිඳ වැටීමට ලක්වු ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බව ෆේස්බුක් ආයතනය පවසයි.

    ඊයේ දිනයේ අදාළ සමාජ ජාල වෙබ් අඩවිවල අවහිරතා පැවති බවටලොව පුරා රටවල් රැසකින් වාර්තා වී තිබුණි.

    ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ කිතුණුවන්ගේ තුති පුදකිරිමේ නිවාඩු සමය වෙනුවෙන් විශාල වශයෙන් අදාළ සමාජ ජාල මාධ්‍ය හරහා පණිවුඩහුවමාරු වීමයි.

    ලෝකයේ විවිධ රටවල් තුතිකිරිමේ නිවාඩු සමය විවිධ දිනවලසමරන අතර අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් නොවැම්බර් මස අවසන් සතියේ බ්‍රහස්පතින්දා එම නිවාඩු දිනය ලෙස නම් කර ඇත.

    කෙසේවුවද මේ වනවිට එම සමාජ මාධ්‍ය 100% යථාතත්වයට පත් කර ඇති අතර, සිදුවු අපහසුතාව පිළිබඳ ෆේස්බුක් ආයතනය සිය පරිශීලකයන්ගෙන් සමාව ඉල්ලා ඇත.

    Latest News