ට්‍රම්ප් ඇෆ්ගනිස්තානයේ සංචාරයක

නොවැ 29, 2019

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්තානයේ සංචාරයකට සහභාගී වී ඇත.

    එම සංචාරය අතරතුර ඔහු ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ගානි හමුවීමටත් කටයුතු කළේය.

    ඇෆ්ගනිස්තානයේ සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහි මෙහෙයුම්වල නිරත සිය හමුදා භට පිරිස් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කළේය.

    එක්සත් ජනපදය සහ තලෙයිබාන් සංවිධානය අතර බිඳවැටුණු සාම සාකච්ඡා යළි ආරම්භ කරන බවද ඔහු එහිදී නිවේදනය කර සිටියේය.

    බාග්‍රම් (Bagram) ගුවන් හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවට ජනාධිපතිවරයා එක්ව සිටියේය.

    මෙහිදී ඔහු ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ගානි හමුවීමටත් කටයුතු කළේය.

    අමෙරිකානු හමුදා භට පිරිස් ආමන්ත්‍රණය කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ගිවිසුමකට එළඹීමට තලෙයිබාන් සංවිධානයට අවශ්‍ය බවයි.

    Latest News