යුරෝපා සංගමයේ නව කොමිසම ‍තෝරාපත් කර ගැනේ

නොවැ 29, 2019

    යුරෝපා පාර්ලිමේන්තුව ප්‍රංශයේ Strasbourg හිදී ඡන්ද විමසීමකින් යුරෝපා සංගමයේ නව කොමිසම ‍අනුමත කර තිබේ.

    එහිදී පක්ෂ ඡන්ද 461කින් ද විපක්ෂ ඡන්ද 157කින් ද නිෂේධ ඡන්ද 87කින් ද von der Leyen මහත්මිය ප්‍රමුඛ නව ‍කොමිසමේ සාමාජිකයන් 27 දෙනෙකු ‍තෝරා පත් කරනු ලැබිණ.

    ඔවුන් එළඹෙන දෙසැම්බර් පළමු දා නිල වශයෙන් රාජකාරී බාර ගැනීමට නියමිතය.

    යුරෝපයට ගෝලීය පටිපාටිය නිර්මාණය කරන්නෙකු විය හැකි බවත් ගෝලීය කටයුතු වලදී යුරෝපය වඩාත් පුළුල් කාර්යභාරයක් ඉටු කළ යුතු බවත් යුරෝපා පාර්ලිමේන්තු පූර්ණ සැසියේදී von der Leyen මහත්මිය අවධාරණය කළාය.

    ඉදිරි වසර 5 තුළ දේශගුණ විපර්යාසයන්ට මුහුණදීම කෙරෙහි වැඩි අවධානය යොමු කරන බව ඇය එහිදී සඳහන් කර තිබේ.

    Latest News