යළි ඉපදීම ප්‍රතික්ෂේප කරන ජනපති බුහාරි

දෙසැ 05, 2018

    නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි මියගිය බවත්, ඒ වෙනුවට ඒ පෙනුමට සමාන අයෙක් ජනාධිපති තනතුරේ කටයුතු කරන බවට පැතිරෙන කට කතාවල කිසිඳු සත්‍යයක් නොමැති බව, ජනාධිපති බුහාරි කියා සිටී.

    තමා අභාවයට පත්වූ බවටත්, තමා මෙන් පෙනී සිටින්නේ සුඩාන ජාතික ප්‍රතිරූප ජාතිකයෙකු හෝ තමාගේම ක්ලෝනයක් බටවත් පැතිර යන තොරතුරු තමන් ප්‍රතික්ෂේප කරන බවත්, ජනාධිපති මුහම්මදු බුහාරි පවසයි.

    පෝලන්ත නගර ශාලාවක පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවක දී ජනාධිපතිවරයා මෙසේ පවසා සිටියහ. හෙළි නොකළ රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු ලන්ඩන් නුවර කරා ගමන් ගැනීමෙන් පසු සමාජ මාද්‍ය මින් ගෙන යන ලද දුෂමාන ප්‍රචාරයට පිළිතුරු දෙමින් ජනාධිපති බුහාරි පැවසුවේ තමා අනෙකෙකු නොවන බව සහතික වශයෙන් පවසන බවත්, තවදුරටත් ශක්ති සම්බන්නව පසුවන බවයි.

    2015 වසරේ සිට අසනීප තත්වයේ පසුවන බුහාරි එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිත නයිජීරියානු ජනාධිපතිවරණයට යළිත් වරක් තරග කිරීමට සූදානම් පරිසරයක මෙම කටකතා පැතිර යන බව වාර්තා වෙයි.

    Latest News