බදු විරෝධයෙන් 4ක් මරුට

දෙසැ 05, 2018

    ප්‍රංශ රජය, ජනතා විරෝධයට හිස නමමින් බදු බර තවදුරටත් ලිහිල් කිරීමට සූදානම් වෙයි.

    ඉන්ධන බදු නිසා දෙසතියකට අධික කාලයක් පැවති විරෝධතාවලදී හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සිව් දෙනෙකු මියගිය අතර දේපල හානි රැසක් සිදුවිය. පොදු ජනතාව මත අධික බදු බර පැටවෙන ආකාරයෙන් ප්‍රංශ ජනාධිපති එමනුවෙල් මැක්‍රොන් අනුගමනය කළ ප්‍රතිපත්ති දැඩි විරෝධතාවයට ලක්ව තිබේ.

    මේ වනවිට වත්කම් මත පනවා ඇති බද්ද ලිහිල් කිරීම ගැන ද රජයේ අවධානය යොමු වී ඇත. වත්කම් බද්දෙන් වැඩි වාසි සැලසුනේ ධනවතුන්ට බව ප්‍රංශ ජනතාව කියා සිටිති. මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, පමාවී හෝ ඉන්ධන බදු අත්හිටුවීමට ප්‍රංශ රජය ගත් තීරණය අගය කරන බවයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News