තෙල් මිල විරෝධයට මැදිවු කාන්තාවක් මරුට

දෙසැ 04, 2018

    ප්‍රංශයේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පැවති විරෝධතා හේතුවෙන් කාන්තාවක් මිය ගියාය.

    සිය නිවසේ සිටින අතරතුර කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වීමෙන් මෙම මරණය සිදුවී ඇත. විරෝධතා හේතුවෙන් මේ වන තෙක් මිය ගිය පිරිස සිව් දෙනෙකි. ප්‍රංශයේ ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහි විරෝධතා තවමත් අවසන් වී නැත. පසුගිය සති අන්තයේ පැවති විරෝධතාවලට එක් ලක්ෂ තිස් හයදහසක පමණ පිරිසක් සහභාගී වූ බව, ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

    විරෝධතා හේතුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 5කට ආසන්න අලාභ හානි සිදුවී ඇත. විරෝධතාකරුවන් අද දිනයේ ප්‍රංශ අගමැතිවරයා සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on අඟහරුවාදා, 04 දෙසැම්බර් 2018 11:18

    Latest News