බුෂ්ගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා

දෙසැ 03, 2018

    අභාවප්‍රාප්ත හිටපු අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ලබන බ්‍රහස්පතින්දා සිදු කෙරේ.

    ඒ, ටෙක්සාස් ප්‍රාන්තයේ ජනාධිපති පුස්තකාල භූමියේ දීය. අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වන ජෝර්ජ් හර්බට් වෝල්කර් බුෂ් හෙවත් ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් මහතා ඉකුත් නොවැම්බර් 30 වැනිදා අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 94කි.

    ඔහු 1989 සිට 93 දක්වා අමෙරිකාවේ ජනාධිපතිධූරය දැරීය. අභාවප්‍රාප්ත ජනාධිපතිවරයාට ගෞරව දැක්වීම සඳහා ලබන බදාදා දක්වා දේහය, වොෂිංටන් නුවර, අමෙරිකානු කැපිටල් ගොඩනැගිල්ලේ තැන්පත් කර ඇත.

    දේහය, ටෙක්සාස්හි ජනාධිපති පුස්තකාල භූමියේ පිහිටි බුෂ් ආර්යාව තැන්පත් කර ඇති ස්ථානයේ ම මිහිදන් කිරීමට නියමිතයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News