ටයිටැනික් නෞකාවේ දර්ශන පෙළක් එළි දකී

අගෝ 22, 2019

    වසර 14කට පසුව, ප්‍රථම වතාවට මුහුදු බත් වූ ටයිටැනික් නෞකාවේ ඡායාරූප හා වීඩියෝ දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා ඔස්සේ එළිදක්වා තිබේ.

    මේ ඡායාරූප හා වීඩියෝ දර්ශන අධිබලැති, විශේෂිත අනුවර්තනය කරන ලද කැමරාවලින් ලබාගත් දර්ශන බවයි, බලධාරීන් පවසන්නේ. මේ ඡායාරූප සහ වීඩියෝ දර්ශනවලට අනුව, ටයිටැනික් නෞකාව බැක්ටීරියාවන්ට ගොදුරු වී ඇති ආකාරය දක්නට ලැබේ. නෞකාව මුහුදුබත් වුණේ, කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළට සැතපුම් 400ක් පමණ දුරින්, අත්ලන්තික් සාගරයේ. මෙය, වසර කිහිපයක් පුරා අඩි 12,000ක් ගැඹුරු සාගර පතුලේ අන්ධකාරයේ සැඟවී තිබිණ.

    නමුත්, මේ නෞකාවේ සුන්බුන් පිළිබඳ යළි අවධානයට ලක්වුණේ, මුහුදු ගවේෂකයෙකු විසින් කරන ලද ගවේෂණයකදී මුහුදු පතුලේ තිබූ විශාල වාෂ්ප නෞකාවක් වීඩියෝ කිරීමට හැකිවීමත් සමඟයි. මේ මෙහෙයුම සිදු කළ වික්ටර් වෙස්කොවෝ වීඩියෝ දර්ශන ලබාගැනීම සඳහා වසර තුනකට වැඩි කාලයක් ගත කළේය. ඒ, සඳහා ජලයේ ගිල්විය හැකි විශේෂ වාහනයක් යොදාගත් බව, ඔහු පවසයි. කෙසේ වෙතත් මුහුදු බත් වූ ටයිටැනික් නෞකාව එක් වරෙක ගිලී යා නොහැකි පුදුම සහගත නෞකාවක් බව ඔහු කියා සිටී. 1912 වසරේ දී මගීන් 2000කට අධික පිරිසක් සමඟ එංගලන්තයට යාත්‍රා කරමින් තිබියදී, අයිස් කුට්ටියක ගැටී ගිලුණු ටයිටැනික් නෞකාවේ සිටි 1500කට අධික පිරිසක් මිය ගියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2019 18:00

    Latest News